Colombo Today Local News

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

දුම්රිය ස්ථාන හතක් වසා දමා ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය සදහන් කළේ කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් එම දුම්රිය ස්ථාන වසා දමා ඇති බවයි.

මෙලෙස වසා දමා ඇත්තේ ඉඳුරුව, රත්ගම, විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන වේ.

මේ වන විට දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව යටතේ සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකයන් ඇතුළු 102 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 38 දෙනෙක්, නියාමකයන් 12 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල 52 දෙනෙක් මේ අතර වේ.

Related posts

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

ජනපති කොමිසම ඇවන්ගාඩ් නැවේ අවි ගණන් කිරීම අරඹයි.

colombotoday

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

Admin

කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

ජනපති රටපුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Admin