Colombo Today Local News

විල්පත්තු ගැසට් එක අවලංගු කරන්නැයි මුස්ලිම් ඇමතිලාගෙන් තර්ජණ.. රටපුරා පල්ලිවල විරෝධතා කැදවයි !

විල්පත්තු රක්‍ෂිත වනාන්තරයට උතුරින් පිහිටා ඇති ප‍්‍රදේශද වන රක්‍ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි මුස්ලිම් ඇමතිවරුන්ගෙන් හා මුස්ලිම් දේශපාලකයන්ගෙන් ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවට වාර්තා වනවා.

ඊයේ (30) වැල්ලවත්ත රමාඩා හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි අදහස් දකවමින් පැවසුවේ මේ සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැත්වෙන බවයි. අදාල ප‍්‍රදේශය රක්ෂිත වනාන්තරයක් යයි ප්‍රකාශයට පත් කිරීම වරදක් බවත් යුද සමයට පෙර එම ප්‍රදේශයන්හි වාසය කල මුස්ලිම් ජනතාවට යලි ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි වීමට ඇති අයිතිය කිසිවෙකුට උදුරාගත නොහැකි යයිද කීවේය.

විරෝධතා දැක්වීමට පවා කාලයක් නොදී ජනාධිපතිවරයා විසින් හදිසියේම මෙම ගැසට් නිවේදනයට අත්සන් කිරීම ගැන තමන් පුදුමයට පත්වූයේ යයිද පවසන ඔහු ජනාධිපති ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්චා අසාර්ථක වුවහොත් රට පුරා මුස්ලිම් පල්ලි මුල් කර ගනිමින් විරෝධතා පවත්වන බවද පැවසීය.

මේ අතර අදාල ගැසට් පත්‍රය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ, එම ගැසට් නිවේදනය මගින් මුස්ලිම් ජනතාව මෙතෙක් පදිංචි සිටි ගම්මාන යළි පවරා ගැනීමක් සිදු නොවන බවයි. සංරක්ෂිත ලෙස අලුතින් නම් කරනු ලැබුවේ නැවත පදිංචි කිරීම් සදහා රක්ෂිතයෙන් මුදා හැර ඇති ඉඩම්වලට යාබද ප්‍රදේශ පමණක් බව එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

බුරවිගේ බලපෑමෙන් දිස්ත්‍රීක්ක 06 ක පවුල් 551කට අයත් පුද්ගලයන් 1904 ක් පීඩාවට.

colombotoday

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday

ජනපති හදිසියේ ම සුනිත්‍ය බල අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

කැරොලයින් ජූරිගේ කිරුළ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්තයේ විවාහක රූ රැජිනට

colombotoday

Video – මම යද්දී ලේ විලක් මැද දරුවව අත් දෙකේ තියාගෙන හිටියා

colombotoday