Colombo Today Local News

ඉන්දියානු විශ්ව විද්‍යාලයක් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට !

ඉන්දියාවේ ජායිපූර්හි මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කලුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, කෘති තාක්ෂණවේදය, විද්‍යා කළමනාකරණය, කාර්මික අධ්‍යාපනය ආදී විෂය ධාරාවන් ඉගැන්වීමට නියමිතව ඇතත් එම විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ඇතුලත්ව නොමැති බවත් අමාත්‍යවරයා විසින් දන්වා ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාව සදහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා යෝජනාව සතියකට කල් දමා ඇතැයිද වාර්තා වේ.

Related posts

චීනයට අක්කර 15000ක්.. මාගම්පුර වරාය ආශ්‍රිතව නව කර්මාන්ත 150ක් !

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

colombotoday

සැකකරුවන් පිරිසකට පොලිසියේදීම තග දමා අධිකරණයෙන් කට්ටි පැන්න රාජිතගේ පුතුට ඇප!

colombotoday

නිවසකින් ලක්ෂ 46ක් සොරාගත් මෙහෙකාරිය අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

colombotoday

සෙම්බුවත්ත වැවට අලුත් ඉතිහාසයක් පටබදියි.. නබිතුමා රන් සෙම්බුවකින් නාපු වැවලු… ශුද්ධ වූ ජලය නෑමට අරාබි ජාතිකයන් බුරුතු පිටින් එයි…

colombotoday