Colombo Today Local News

“දෙන්නා සෙට්වෙලා තමයි ගේම දෙන්නෙ“ – රාජිත රහසක් හෙළි කරයි

ආණ්ඩුවේ සෑම තීරණයක්ම ගනු ලබන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සුහද සාකච්ඡාවකින් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට (25) ඊයේ සහභාගී වෙමින් මාධ්‍යවේදීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ජනාධිපතියි අගමැතියි හැමදාම කුටු කුටු ගාලා ඉවරවෙලා තමයි කැබිනට් එකට එන්නේ. මිනිස්සු හිතන්නේ හරි ප්‍රශ්න කියලා. ඒත් දෙන්නා එකතුවෙලා තමයි ගේම් එක දෙන්නේ. අපිට හම්බවෙන්න විදියක් නෑ ජනාධිපති කාර්යාලයේ දෙන්නා එක්ක කුටුකුටුව. මම දොර ඇරලා පෙන්නන්නම් කුටු කුටු ගගා දෙන්නා එකතු වෙලා ගේම ගහන හැටි.” යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඇමතිතුමා ගිය සතියේ කීවා, ඉදිරි සතියේදී රජය විශේෂ තීරණ වගයක් ගන්නවා කියලා. කෝ ගත්තද. යි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී “ඇයි නැත්තේ බැඳුම්කර සිද්ධිය ගැන ජනාධිපති විශේෂ කොමිසමක් පත්කළා. ඒක මාස 3න් තීන්දුව එනවා. තවත් තීන්දුවක් මහ බැංකුවට දීලා බලාගෙන යනවා. තවත් නඩු තීන්දු ගන්නවා. ඉදිරියේදී බලාගන්නකෝ.“ යැයිද හෙතෙම පැවසීය.

Related posts

ඇමරිකා යන්න ගිය නාමල්ට රුසියාවේදී බාල්දියක්.. ගුවන් යානයට එක්කරගන්න බෑ කියයි..

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday

දිස්ත්‍රික්ක 8 කට නායයෑමේ අනතුරු ඇඟවීම්… කැලණි ගඟ සුළු ගංවතුර මට්ටමේ…

colombotoday

මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි

colombotoday

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

colombotoday