එක්සත් ජාතික පක්ෂ ලේකම් කබීර් හෂීම් මහතාගේ නව නිවස ඉදිකර ඇති රාජගිරිය (රෝයල් පාර්ක් මහල් නිවාස සංකීර්ණය අසල) පිහිටි ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස ගොඩ කෙරෙමින් පවතී.
ඒ ඇමති වරයාගේ නිවසට පැමිණෙන රථවාහන නැවත්වීම සදහායි.
වර්ෂා අවස්ථාවලදී ජලය බැස යාමට ඇල මාර්ගය ප්‍රමාණවත් නොවන අතර පැය කිහිපයක වර්ෂාවකින් පසුව මෙම ඇල පීටාර තත්වයට පත් වේ. එවැනි තත්වයක් මත ඇල මාර්ගය පුළුල් කරනවා වෙනුවට එයින් කොටසක් ගොඩ කිරීමට අමාත්‍යවරයා පියවර ගනිමින් සිටීම පුදුම සහගතය.