World

70 වසරක් තායිලන්තය පාලනය කල භූමිබෝල් රජු දිවියෙන් සමුගනී

වසර 70ක් රාජකීය සිහසුන දැරූ භූමිබෝල් අදුල්යාදේජ් රජු තායිලන්තය තුළ සිදුවූ විවිධ දේශපාලන හැලහැප්පීම් මාධ්‍යයේ වුවද, ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වෙමින් ඉන්ද්‍ර කීලයක් සේ නැගී සිටි යුග පුරුෂයෙකු ලෙස සැලකෙයි.

පසුගිය වසර කිහිපය පුරා රෝගාතුරව සිටි භූමිබෝල් රජු, එම කාලය පුරාවට ජනතාව ඉදිරියට පැමිණියේද අවස්ථා කිහිපයකදී පමණි.

ඒ අනුව, තායිලන්තයේ නව ඔටුන්න හිමි මහා වජිරාලොන්ග්කෝර්න් කුමරු එරට නව රජු ලෙස කිරුළු පළඳිනු ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පවසා සිටියේය.

බෞද්ධ රජෙකු ලෙස දීර්ඝ කාලයක් සිය රට වෙනුවෙන් සේවය කළ භූමිබෝල් රජු අනිවාර්යයෙන්ම දෙවියන් අතර ඉපදී ඇති බවත්, එතුමා මේ වනවිට රටේ ජනතාව දෙස බලාගෙන සිටිනු ඇති බවත් අගමැතිවරයා පවසා සිටියි.

Related posts

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday

ඇමෙරිකන් ගුවන් ප්‍රහාර වලින් ඉරාන හමුදා නායක මරුට

colombotoday

ඇමරිකාවේ බලය ට්‍රම්ප්ගෙන් ජෝ බයිඩන්ට.

colombotoday

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් චැඩ් ජනපති මරුට

colombotoday