ලංකාවට ඔරොත්තු නොදෙන තරම් වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන බැවින් එම රථවාහන ප්‍රමාණයට සාපේක්ෂව ලංකාවේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා බදු මිළ වැඩි කළේ යෑයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ඊයේ (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසීය.