Colombo Today Local NewsTop Stories

සබරේ නවකවධය ඇවිලේ! සිසුන් පහකට මානසික අවපීඩනය

නවක වදය හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් මත අප්‍රේල් 29 වන දා සියදිවි නසා ගත් 22 හැවිරිදි චරිත් දිල්ශාන් දයාරත්න නමැති සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යගේ මියයාම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කළ බවට වාර්තා පළවේ.

එම විශ්ව විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු පසුගියදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගන්නා ලදී.

ඔවුන් ඊයේ බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිසිය සඳහන් කළේ එම සිදුවීමට අදාලව තවත් සිසුන් සිව් දෙනෙකු ඊයේ සමනල වැව පොලිසිය වෙත භාර වූ බවයි.

එමෙන්ම මෙම සැකකාර සිසුන් සිව් දෙනා ද ඉහත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සදහන් කර ඇත.

ඒ අතර නවක වද සිද්ධි සම්බන්ධයෙන් තවත් පැමිණිලි 21ක් ලැබී ඇති බවටද වාර්තා පළවන අතර එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම රහස් පොලිසියට භාර වී ඇති බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

සිසුන්ට නවක වදය ලබා දුන් තවත් සිසුන් 10 යකගේ නම් ද මේ වන විට පොලිිසියට ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ අතර මිය ගිය චරිත්ට නවක වධකයන් ලබා දී ඇති වධයන් ගැනද පූර්ණ විස්තරයක් පොලිසිය වෙත අනාවරණය වී ඇති බව ද වාර්තා වේ.

මෙම සිදුවීමත් සමඟ සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය සමාජයේ බොහෝ සෙයින් කතා බහට ලක් වූ මාතෘකාවක් විය.

තවද සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

එම සිසුවාට නවක වධය දුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපවල සිටින බව කියන එම පීඨයේ සිසුවියන් පස් දෙනෙක් මානසික අවපීඩනයකට ලක්ව නිවෙස් බලා යාමට අවශ්‍ය බව ඊයේ (04 වැනිදා) වන විට පරිපාලන අංශවලට දන්වා ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම පස් දෙනාට නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් සලසා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පොලිසි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන අතර විශ්වවිද්‍යාලය මගින් අභ්‍යන්තර පරීක්ෂණ සඳහා කමිටුවක් පත් කර ඇත.

සටහන – සත්සරණී

Related posts

හිරුණිකාට, රංජන්ට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගෙන් අභියොගයක් !

colombotoday

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

colombotoday

කැපූ අත්ත ධාවනය වූ යතුරු පැදියට වැටී ගුරුවරයා මරුට

colombotoday

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

colombotoday

සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් හා වී භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday