Colombo Today Local News

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

රාජ්‍ය වෙසක් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් ලෙස මෙම 24 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පවුලේ සියලු දෙනා සමග නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි. දිවයිනේ සියලු නගර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ නිවාස බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන අයුරින් වෙසක් සැරසිලිවලින් අලංකාර කරන ලෙසද ඉල්ලා සිටී.

යාපනය, නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය, පවතින කොවිඩ් ව්‍යාප්තිය නිසා අවලංගු කළ බැවින් මෙසේ එය සංකේතාත්මකව කොළඹදී පැවැත්වීමට කටයුතු කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් වෙසක් උත්සවයට සමගාමීව යාපනය කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ක්‍රියාත්මක කළ සියලු සංවර්ධන කටයුතු හා අඩු ආදායම්ලාභී පවුල් සහ පාසල් දරුවන් වෙනුවෙන් සූදානම් කළ ප්‍රජා සත්කාර වැඩසටහන් අදියර වශයෙන් ක්‍රියාත්මක කරන බවද ලේකම්වරයා කියා සිටී.

Related posts

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

යහපාලන ඇමතිකමෙන් ඉවත්වූ පියංකර FCID යට !

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය !!

colombotoday

ඌව මහ ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක – රෝහලේ නිළ නිවාසයකට පහරදීලා

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday