Colombo Today Local NewsTop Stories

අදානි ගියා!! මෝදි ආවා!!! බලශක්තියට ඇඩ්‍රස් නැද්ද?

ඊයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් පවත්වන ලද වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ එක්තරා විදිහක නිර්භීත ප්‍රකාශයක් කළා.

ඔහුගේ කතාවෙන් කියවෙන්නේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 442ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට ගත් තීරණය ප්‍රශ්නයක් නොමැති බවයි.

ආයෝජකයා කවුද යන්න අදාල නැති බවත්, ආයෝජකයා කවුරු වුණත් ආණ්ඩුවේ ඔෆර් එකට මිසක් ආයෝජකයාගේ ඔෆර් එකට වැඩේ නොකෙරෙන බවත් වගේ කතාවක් තමයි නියෝජ්‍ය ඇමති චතුරංග කියන්නේ.

හැබැයි මේ කතාව ඇතුලෙම පොඩි ආසයි බයයි ගතියකුත් තියෙනවා. යන්න කිව්වට යන්නම එපා කියනවා. අදානිට හිතලා බලන්න කියලත් කියනවා.

ඒ වගේම, මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා කිරීමට අදානි සමාගම කැමැත්ත පළකර ඇති බවට බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බවත් අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට තම තීරණය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් ලබාදී තිබෙන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී කියා සිටියා.

කොහොම වුණත් මේ අතරේ ඇහෙන අනෙක් සුවිශේෂීම පුවත වෙන්නේ එළඹෙන අප්‍රේල් 04 වැනිදා, දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ කටයුත්ත සිදුවෙන්නට නියමිත බවයි.

එදා ඉන්දීය බලපෑමක්, ඉන්දියානු මැදිහත්වීමක් ගැන බරපතල විවේචනයක් තිබුණු පක්ෂයක් අද රටේ බලයට ඇවිත් ඉන්දියාව සමග සහයෝගීත්වයෙන් කටයුතු කරන්න එකඟ වෙලා ආණ්ඩු කරන පසුබිමක, මෙරට බලශක්ති ස්වාධීනත්වය ගැන සැර විවේචන හතර අතින් ඇසෙන පසුබිමක අනුර – මෝදි ඩීල් එක කොහොම ඉස්සරහට යාවිද කියලා අපි බලාගෙන සිටිමු.

සංවාදයට විවෘතයි. ඔබේ අදහස් කමෙන්ට් කරන්න.

සටහන – චලන

Related posts

ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ඉවතට

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

ශීඝ්‍රගාමී දුම්රියක් පීලිපනී ප්‍රධාන. මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

colombotoday

රජයේ රෝහල්වල ඖෂධ 112ක හිඟයක් – සෞඛ්‍ය ඇමති කියයි

Admin

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

colombotoday