Colombo Today Local NewsPoliticsTop Stories

මේක බටලන්ද ගැන විතරක්ම නෙවෙයි!

ලාංකේය ඉතිහාසයට අතිශය අමානුෂික කලු පැල්ලමක් එක් කරන 88-89 භීෂණ සමයේ යටගියාව නැවතත් කරළියට එමින් තිබේ.

ඒ ඉකුත් සතියේ හිටපු ජනපති රනිල් සහභාගි වූ අල් ජසීරා මාධ්‍ය සාකච්ඡාව හරහා පැන නැගි සමාජ ආන්දෝලනය හරහාය.

මේ සමග බටලන්ද කොමිෂන් සභා වාර්තාව ආන්දෝලනයක් මවමින් නැවතත් කරළියට පැමිණ තිබෙන අතර එය අද හෙටම පාර්ලිමේන්තුවේ සභාගත වන බවද වාර්තා වෙයි.

ඉකුත් දා පැවති රජයේ ප්‍රවෘත්ති දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදීන් විසින් නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් මේ සම්බන්ධව උණුසුම් ප්‍රශ්න වැලක් නැගූ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව හරහා ආණ්ඩුව තීරණාත්මක කඩඉමකට තල්ලු වන බවට සංඥා ලබා දෙන ලදී.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් බටලන්ද කොමිසම ගැන සුවිශේෂී සමාජ සංවාදයක යෙදුණේ මේ අයුරිනි.

වීඩියෝව නරඹන්න👇👇👇

එසේම බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම හරහා හිටපු ජනපතිනි චන්ද්‍රිකාද වරදක් සිදු කොට ඇති බව පවසමින් සමාජ ක්‍රියාකාරී ලැසිල්ද සිල්වා අදහස් පළ කරන ලදී.

මේ අතරේ අද දින පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්ය නැගූ පැණයකට පිළිතුරු දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වෙනස්ම කතාවක් මෙසේ පවසයි.

කෙසේ වෙතත්, පක්ෂයේ ආරම්භක සාමාජිකයින් හැටදහසකට අධික පිරිසක් අමානුෂික අයුරින් සංහාරය කර දැමූ සමහරුන් තවමත් නිරුපද්‍රිතව දිවි ගෙවද්දී, නිශ්චිත සාක්ශි විමසීමක් කොට අතීත අපරාධ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ අවස්ථාව තමන් වෙත කැරකුණු මොහොතේත් ජනපති අනුර කුමාර දිසානායක ඇතුලු ජවිපෙ – මාලිමා රජය “අතීතයේ කිසිවක් සිදු නොවුණු අයුරින්” සියල්ල අමතක කර දමා නිද්‍රාශීලීව සිටීද?

එසේ සිටීමට ඔවුන් සතුව හෘදය සාක්ෂියක් තිබේද?

යන කරුණ අපි අද හෙටම සවිස්තරව සාකච්ඡා කරමු.

එතෙක්, තීන්දුව පාඨක ඔබට භාරයි!

සටහන – චලන

Related posts

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

අනුර පරද්දන්න සජිත්ට බෑ ජනාධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Admin

පළාත්සභා තුනක කාලය අවසන්.. මැතිවරණ නෑ… පාලනය ආණ්ඩුකාරවරුන් යටතට !

colombotoday

පාකිස්ථානය දූවිල්ලක් බවට පත් කිරීමට අපට අවශ්‍ය වන්නේ දින 10ක් පමණයි – නරෙන්ද්‍ර මෝදි

colombotoday

කුඩා රාවණා පරයේ අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

colombotoday

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday