තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.
පසුගිය වසර කිහිපයේම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 46 ක අස්වැන්නක් ලැබී ඇත. එයින් හාල් මෙ.ටො. ලක්ෂ 29 ක් නිෂ්පාදනය කෙරේ. මෙරට හාල් නිෂ්පාදනයෙන් හතරෙන් එකක් ‘කැකුළු සහල්’ ය. දකුණු පලාතේ වී වලින් 85% ක් ම කැකුළු ය. ඒ අනුව, ‘කැකුළු හාල් ටොන් ලක්ෂ 7 කට වැඩි අවම නිෂ්පාදනයක් පැවතුනේය.
අවස්ථා දෙකක දී, හාල් කිලෝ 20 බැගින් පවුල් ලක්ෂ 27 කට හාල් කිලෝ මෙ.ටො 54,000 ක් මේ අනුව බෙදා ඇත. මෙයින් 75%ක් පමණ කැකුළු හාල් වූ අතර ඉතිරිය සුදු කැකුළු විය. රජය මගින් කැකුළු සහල් කිලෝ 50,000 ක් නොමිලේ බෙදාදුන්නේ යැයි උපකල්පනය කළ ද, එය රටේ සමස්ත කැකුළු හාල් නිෂ්පාදනයෙන් 14 න් පංගුවකි (සුදු හාල් ප්‍රමාණයක් ද බෙදනු ලැබීය).
අප රටේ සහල් පාරිභෝජනයෙන් 22% ක් කැකුළු ද, 18% ක් සුදු කැකුළු ද වේ..ටො. ලක්ෂ දහයකට වැඩි අස්වැන්නකින් මෙ.ටො. 54,000 ක් රටේ දුප්පත්ම සමාජ තීරුවට ලබාදුන් විට කැකුළු හාල් හිඟයක් ඇතිවීමට කිසි ලෙසකින් හෝ සිදු විය හැකි තත්වයක් නොවේ. මෙම ප්‍රකාශය සමාජයේ දිළිඳුම ජනතාවට අනාගතයේ අවශ්‍යතාව මත හෝ ආහාර ලබාදීමේ වගකීමෙන් ගැලවීම සඳහා රජය සැලසුම් සහගතව ගොතන බොරුවකි.
හාල් බෙදීමේ තීරණය පාර්ලිමේන්තුව ද දායක වූ සාමුහිත තීරණයකි. ‘දරුවන් උදෙසා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය’ ට මා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, ළමා මන්දපෝෂණය පිළිබඳ විශේෂඥයින් යොදාගනිමින් වාර්තාවක් සකස් කරනු ලැබීය.
එහි මෙරට ළමුන් අතරින් 36% කට කුමන හෝ මට්ටමක මන්දපෝෂණ තත්වයක් පවතින බව දැක්වේ. පාසල් දරුවන්ට දිවා ආහාර සහ අන්ත දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ අවශ්‍යතාව එම වාර්තා ම මගින් ද, තවත් අධ්‍යයනයන් රැසකින් ද, ජාත්‍යන්තර සංවිධාන ද පෙන්වා දෙනු ලැබීය.
ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු කමිටුවක නිර්දේශය, හා ජාතික අවශ්‍යතාව සලකා රාජ්‍ය යාන්ත්‍රණය හරහා සහල් බෙදීම ක්‍රියාත්මක කළේය. එය පාර්ලිමේන්තුව හා විධායකය ජනතාව වෙනුවෙන් සාමුහික වගකීම් ඉටු කිරීමකි.
ලංකා ඉතිහාසයේ පළමු වරට තෛපොංගල් උත්සවයට කැකුළු හාල් නැතිවුණේ ද, සහල් හිඟයක් ඇති වූවේ වෙළඳපොල කලමනාකරණයට රජයට ඇති නොහැකියාව නිසාය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වාම ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ එක් වරක් හෝ රැස්වී නැත. රටේ ආහාර අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමට රජය ලබා දෙන ප්‍රමුඛතාව එයින් මනාව පැහැදිලි වේ.
සහල් අර්බුදය උත්සන්න වූයේ රටේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු එක් විද්‍යාත්මක විසඳුමක් ඉදිරිපත් නොකර ජනමාධ්‍ය ඔස්සේ ගැලරිය පිණවීමට යාම නිසාය. පාර්ලිමේන්තු කමිටු සහ කැබිනට් මණ්ඩලය රටේ පෝෂණ අවශ්‍යතා පියවීම සඳහා ගත් කාලීන ප්‍රශස්ත පියවරවලට දෙස් දොවොල් තැබීමෙන් දැන් පළක් නැත.