Colombo Today Sports News

සුද්දෝ පසු බසිති.. කල්ලෝ ජයගනිති.. කොදෙව්වෝ 20 20 ත්‍රිත්ව ශූරයෝ වෙති

එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් තවත් වසර හතරකට විස්සයි ලෝක ශූරයන් ලෙස කිරුළ පැළදීමට කොදෙව් කණ්ඩායම සමත්විය. එසේම විස්සයි20 ලෝක කුසලාන දෙකක් ජයගත් එකම කණ්ඩායම ලෙසින්ද කොදෙව් ඉතිහාසයට එක්විය.

මීට පෙර කොදෙව් කණ්ඩායම 2012 වසරේදී විස්සයි20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළදීය. කොල්කටා ඊඩ්න් ගාඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 155ක් රැස්කරමින් කොදෙව්වන්ට ලකුණු 156ක ඉලක්කයක් ලබාදුන්නේය.

කොදෙව්වන්ට අවසන් පන්දුවාරයේදී ලකුණු 19ක් අවශ්‍යවිය. කාලෝස් බ්‍රැත්වෙයිට් ස්ටේක්ස්ගේ පළමු පන්දු හතරට හයේ පහර හතරක් වාර්තා කරමින් කොදෙව්වන්ට තරගයේ ජයගෙන දුන්නේය.

මේ වසරේදී 19න් පහළ එක්දින ලෝක කුසලානය, කාන්තා විස්සයි20 ලෝක කුසලානය හා විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට කොදෙව්වෝ සමත්වූහ.

2012 වසරේදී මෙන්ම මෙම තරගාවලියේත් අවශ්‍යෙව්ලාදීම ක්‍රියාත්මක වූ මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 86ක් රැස්කරමින් කොදෙව්වන්ට දෙවැනි වතාවටත් ලෝක කුසලානයක් ගෙන දුන්නේය.

තරගයේ වීරයා ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ විරාත් කෝලිටයි.

කාන්තා කණ්ඩාය ලෝක කුසලානය ජයගැනීමෙන් පසුව ඔවුන් හා එක්වූ කොදෙව් ක්‍රීඩකයන් පිටියේදී සතුට සැමරූ අතර කොදෙව් ක්‍රීඩකයන් ලෝක ශූරයන් වෙද්දී කාන්තා කණ්ඩායම ඔවුන් හා එක්ව සතුට සැමරීය.

Related posts

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

Admin

ප්‍රවීන් ජයවික්‍රම මුදලට තරඟ පාවා දෙයි

Admin

2023 ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Admin

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

ශ‍්‍රී ලංකාව සමඟ ඇති මාවතේ අවසානය ගැන කනගාටුයි – සමුගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි.

colombotoday

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

Admin