Colombo Today Local News

අයවැයෙන් වෙන්වුණු රු. මිලියන 600යෙන් නගර නවයක් මේ අවුරුද්දේදී ලස්සන කරන්න සැලසුම්

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සදහන් කරන්නේ, එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම, වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය.

මෙම වසර අවසන් වනවිට අදාල ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

Related posts

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

colombotoday

පේරාදෙණිය සරසවි‍යේත් සිසුන් 64කට කොරෝනා

colombotoday

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී

Admin

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

colombotoday

රතන හිමි අඩියක් පසුපසට… ඡන්දය නිශ්ක්‍රීය කරයි !

colombotoday

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

colombotoday