Colombo Today Local News

ලෝක ආර්ථික සමුළුව අද ඩාවෝස් නුවරදී

ලෝක ආර්ථික සමුළුව අද (15)දින ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්වේ.

එම සමුළුවට එක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (13)දින දිවයිනෙන් පිටත්ව ගියේ ය.

මෙම සමුළුවට සමගාමීව අද ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතයි.

ලෝක ආර්ථික සංසදය යනු දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යායපත්‍ර හැඩගැස්වීම සඳහා වසර ආරම්භයේදී ලෝකයේ ප්‍රධාන රටවල් සහභාගී වන රැස්වීමකි.

ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය සහ අධ්‍යයන ආයතන ද මේ සඳහා සහභගී වනු ඇති.

මෙහිදී ජනපතිවරයා ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ග්‍රීන් ටෙක් සංසදයේ ප්‍රධාන දේශනයට ද පැවැත්වීමට නියමිතයි.

“බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම” එහි තේමාව වේ.

මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරනු ලබන ව්‍යාපාරික වට මේස සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගි වීමට නියමිතය.

Related posts

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

colombotoday

මන්නාරම් බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙයි

colombotoday

දෙහිවල සත්වෝද්‍යානයේ ඔරං ඔටං සහ චිම්පන්සින්ටත් කොරෝනා

colombotoday

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

අවුරුදු 12ට අඩු සංචාරකයින්ට PCR අවශ්‍ය නැහැ

colombotoday