Colombo Today Local News

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙරටට පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් එක්ලක්‍ෂ පනස් එක්දහස් හාරසිය අනූහයක් (151,496) පැමිණි බවත් එම සංඛ්‍යාව 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවත් එම අධිකාරිය කියයි.

මෙම වසරේ ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin

කොරෝනාවට එරෙහිව මතු වෙන දුම් හට්ටි වෙදකම ආයුර්වේදයට අනුකූල නොවේ.

colombotoday

කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පුර පොහොය අදයි !

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

colombotoday