Colombo Today Local News

විශාල දේපොළ ඇති අයට බද්දක්

ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම බද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව ඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයන්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමහර දේපළ හිමියන්ගේ ඉඩකඩම් ඇතුළු දේපළ නිසි පරිදි ගණනයවී නැතැයි පෙනී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යාංශයට ලැබීය ඇති අතර එම යෝජනා පිළිබඳව ද අමාත්‍යාංශයේ ඉහළ අවධානය යොමුවී ඇත.

Related posts

සහල් මාෆියාව බිඳින්න ක්‍රියාමාර්ග ගන්නවා

Admin

අන්තර්ජාලයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන්නන් අත්අඩංගුවට

colombotoday

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

කාලෝ ගෙදර යවා සයිටම් නියෝජිතයෙක් වෛද්‍ය සභාවට පත්කර ගැනීමේ තැතක් !

colombotoday

ඉදිරියට තව බදු

Admin

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin