Colombo Today Local News

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

තිහගොඩ බණ්ඩරත්තවේල්ල ප්‍රදේශයේදී අවිඅයුධ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අවිආයුධ සොයාගත් බව පොලීසිය පවසයි.

එම ස්ථානයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10ක් සහ සරඹ උණ්ඩ 10ක් සොයාගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධව කිසිදු පුද්ගලයෙකු මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මාතර අපරාධ කොට්ඨාසය සහ මාතර පොලීසිය ඒකාබද්ධව විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

දැඩි උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කරන්න දින හතක් කල් දෙයි

Admin

රනිල්ට ඉල්ලා අස්වෙන්නැයි චම්පික කියයි !

colombotoday

ඇඩම්ස්පීක් ගැලවෙයි… ශ්‍රීපාදස්ථානය ‘ගෞතම ශ්‍රී පාදස්ථානය’ ලෙස නම්වෙයි !!!

colombotoday

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

colombotoday