Colombo Today Local News

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් එකටම අවසන් ගමන් යයි

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී අද (12)දින ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මිය ගොස් ඇති බව වරකාපොල පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොටවැල්ල,රඹුක්කන ලිපිනයේ පදිංචි එකම පවුලේ පියා,මව සහ පුතා බව පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ ධනුෂ්ක ගයාන් පින්නවල, සිංහාසන වඩු ගම්ලත්ගේ දිනේෂා ශ්‍රීනානී ගම්ලත්ගේ ,පින්නවල හේවයලෑ ගීත්ම තත්සර පින්නවල යන තිදෙනායි.

මෙම තිදෙනා ත්‍රීරෝද රථයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ මංතීරුව දෙසට ගමන් කර කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වැලි පැටවූ ටිපර් රථයේ ගැටෙන ආකාරය ඒ අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ ටිපර් රථයේ රියදුරු මේ වනවනවිට වරකාපොල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.

Related posts

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

colombotoday

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

Admin

VAT 15% දක්වා වැඩිවීම එලෙසමයි.. පනත සංශෝධනයෙන් වෙනසක් නෑ !

colombotoday

අගමැති හබය පාර්ලිමේන්තුවෙන් නොවිසදුනොත් ශ්‍රේෂ්ඨාධීකරණයට….

colombotoday