Colombo Today Local News

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

X-Press Pearl නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු පත් තර තිබේ.

එහි සභාපති නීතිඥ අසේල රැකව මහතා සඳහන් කරන්නේ, ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා සහ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා එලෙස පත් කළ බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබේ.

අදාළ නීතිඥයින් හරහා නීතිපති දෙපාර්තමේන්තුවට තම අධිකාරියේ සහය ලබා දෙන බව ද සභාපතිවරයා පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ පරිසර හානියට වන්දි ඉල්ලා ලක් රජය මේ වනවිට සිංගප්පූරු අධිකරණයක නඩු පවරා තිබේ.

Related posts

ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට

colombotoday

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

colombotoday

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday