World

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

අධිචෝදනා 34ක් එල්ල වුවත්, තමා නිවැරදිකරු බව ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේදී පවසා තිබේ.

ඒ, නිව්යෝර්ක් අධිකරණයේ පැවති නඩු විභාගයක් අතරතුරදීයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ(4)දින අධිකරණය හමුවේ පෙනී සිටී අවස්ථාවේ මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිලියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී ඇත.

තව ද ඔහුට විරුද්ධව අධිචෝදනා 34ක් එල්ල වී තිබේ.

76 හැවිරිදි ට්‍රම්ප් සැලකෙන්නේ, අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා ලෙසයි.

Related posts

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්තානයේ ළමුන් ඇතුළු 12ක් මරුට

colombotoday

ත්‍රස්ත ක්‍රියා සැලසුම් කළ පුද්ගලයෙකුට වසර 12ක් සිරදඬුවම්

colombotoday

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin

‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා

colombotoday