World

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

නව අධ්‍යයනයකට අනුව ලියනාඩෝ ඩාවින්චි ඇතුළු සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ඩ් වැනි මාස්ටර්වරු ඔවුන්ගේ තෙල් සිතුවම් සඳහා ප්‍රෝටීන භාවිතා කරඇති බව හඳුනාගෙන තිබේ.

ප්‍රෝටීන සඳහා විශේෂයෙන්ම බිත්තර කහ මදය භාවිතා කරඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ යාන්ත්‍රික ක්‍රියාවලි ඉංජිනේරු සහ යාන්ත්‍ර විද්‍යා ආයතනයේ අධ්‍යයන කතුවරයා වන ඔෆීලි රැන්කට් පැවසුවේ මේ පිළිබඳව ලිඛිත මූලාශ්‍ර ඉතා ස්වල්පයක් ඇති අතර විෂය එතරම් ගැඹුරින් විමර්ශනය කිරීමට කිසිදු විද්‍යාත්මක කාර්යයක් සිදු කර නොමැති බවයි.

ඔවුන්ගේ සිතුවම්වලට බිත්තර කහ මදය එකතු කිරීම නිසා දිගුකාලීනව සිතුවම් රැකගැනීමට හැකියාව ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

colombotoday

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

Video – ISIS මුලස්ථානය රුසියානු ගුවන් ප්‍රහාරවලින් විනාශයි..??

colombotoday

කොරෝනා වෛරසය පැතිරවීම: ඉන්දියාවේ පැරණිම මුස්ලිම් සංවිධානය වන තබ්ලික් ජමාත්ට විරුද්ධව නඩු දමයි

colombotoday

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday