Colombo Today Local News

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

එම පැමිණිල්ල අද (21)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැඳ සිටින බව දන්වා සිටියේය.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැඳ සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දන්වා සිටියේය.

එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැඳ සිටියේය.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදා හැරීමටද නියෝග කළේය.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday

රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයි

colombotoday

භික්ෂූන් මර්ධනය කර නෝර්වේ සැලසුමට අනුව රට ෆෙඩරල් කිරීමට ආණ්ඩුව සැරසෙනවා – ගම්මන්පිල

colombotoday

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin