ඉන්දියාවේ ජනගහනයෙන් බාගයකට ආසන්න ප්‍රමාණයක් වැසිකිළි භාවිතා නොකරන බවත්, එසේ තිබියදී තම ජනතාවට වැසිකිළියක් හදා නොදෙන ඉන්දියාව ලංකාවට සුඛෝපභෝගී ගිලන්රථ සේවාවක් ලබා දෙන්නේ නම් ඊට කෘතගුණ සැළකීමක් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ නමින් ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට හෝ වැසිකිළි කිහිපයයක් සාදා දී ඔහුගේ පිංතූරයක් එහි බිත්තියක එල්ලිම සුදුසු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
හිරු ටීවී බලය වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඉන්දියාවෙන් ගෙන්වන ටෙලිනාට්‍ය බැලීමට හැකිනම් ඉන්දියාවෙන් වෘත්තිකයන් ගෙන්වනවාට අකමැති වන්නේ ඇයිදැයි අජිත් පී පෙරේරා අමාත්‍යවරයා විසින්ද විමසා තිබුණු බවත් පැවසූ හදුන්නෙත්ති මහතා ඊටද ප්‍රතිචාර දැක්වූවා.
පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි
[fbvideo link=”https://www.facebook.com/694608127303642/videos/895015683929551/” width=”520″ height=”400″ onlyvideo=”1″]