Colombo Today Local News

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

කහටගස්දිගිලිය, රත්මල්ගහ වැව ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (08) දහවල් 2.30ට පමණ රාජකාරී අවසන් කර සැමියා සමග නිවෙස බලා යමින් සිටිය දී මැදවච්චියේ සිට පැමිණි ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණි.

23 හැවිරිදි අදාළ කාන්තාවගේ සැමියා බරපතළ තුවාල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

මියගිය කාන්තාව කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරුවරියක් වන අතර කහටගස්දිගිලිය කිරිඉබ්බැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලීසිය විසින් සිදුකෙරේ.

Related posts

අපනයනකරුවන්ගේ අපහසුතාවයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

colombotoday

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday

එල්ලුම්ගහ සක්‍රිය කිරීමට යුරෝපා සංගමය එරෙහි වෙයි

colombotoday

“අපට ඕන වුණේ මහින්ද එලවන්න විතරයි.. දැන් ඉතින් මොන මගුල වුණත් කමක් නෑ” – ඩබ් ජයසිරි

colombotoday

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරව සිටි තවත් පිරිසක් ගම්බිම්වලට

colombotoday

ජනපති වැය 300%කින් ඉහළට, අධ්‍යාපනයට වෙන්කළ මුදල් 57.6% කපලා.. එන අයවැයත් පචවැලක්

colombotoday