Colombo Today Local News

පොලිස් බාරයේ තිබූ යතුරු පැදියක් පොලිස් කොස්සා රුපියල් 10,000කට විකුණලා…

රථවාහන නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් වශයෙන් මිරිහාන පොලිස් භූමියේ නවතා තිබු ස්කූටි වර්ගයේ යතුරු පැදියක් රුපියල් 10,000 ක මුදලකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අලෙවි කර තිබු පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයා වැඩතහනම් කර ඇති බවද පොලිසිය කියයි.

මිරිහාන මුලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් ඉකුත් 08 දින රථවාහන වරදක් සම්බන්ධයෙන් මෙම යතුරු පැදිය පොලිසිය බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු භාණ්ඩයක් වශයෙන් එය පොලිස් භූමියේ රඳවා සිට ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ හිතවතකුට රුපියල් 10,000ක මුදලට මෙම යතුරු පැදිය ලබා දී ඇති බවත්, සැකකරු ලොරි රථයක් රැගෙනවත් කොස්තාපල්වරයාගේ සහයෙන් යතුරු පැදිය රැගෙන ගොස් ඇති බවද වර්තාවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ඉහත යතුරු පැදිය උපයෝගි කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන වෙත තොරතුරු ලැබී තිබු බවත්, ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබු බවද වර්තා වේ.

පෙරේදා (14)දින මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සමග අත්අඩංගුවට ගෙන ඉහත යතුරු පැදිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී ඉහත තොරතුරු හෙළිකරගෙන ඇත.

පොලිස් භූමියේ රැඳවා තිබු එම යතුරු පැදියද නිවසක සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.

මිරිහාන මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

මරාගෙන මැරෙන කලු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම්….

colombotoday

දේශපාලනඥයන් ආ ගිය දේවාලයක කපුවෙක් සිසුන්ට ලිංගික හිංසන කර වීඩියෝ පිටරටට විකුණලා

colombotoday

ජනාධිපතිගේ සහ අගමැතිගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday