Colombo Today Local News

රනිල් සජිත් එක්වන ලකුණු

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එ.ජා.ප.ය සමග සන්ධානගතව තරග කිරීමට සාකච්ඡා පවත්වා කඩිනම් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර් හා හර්ෂණ රාජකරුණාගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය එකඟතා, සතියක් ඇතුළත සම්පූර්ණ කිරීමට ඊයේ (15) රැස්වූ සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුව තීරණය කර ඇත.

මේ දිනවල පැවැත්වෙන සමුපකාර ඡන්දවලදී එ.ජා.ප.ය සහ ස.ජ.බ.ය ඒකාබද්ධව නියෝජිතයන් ඉදිරිපත් කිරීමෙන් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකිවූ බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.

එබැවින් එ.ජා.ප.ය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ගනු ලබන ඉහත ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ද අවධානය යොමුව ඇත.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි

colombotoday

අධිකරණ ඇමති මැතිසබේදී අල්ලස් කොමිසම පතුරු ගහයි

Admin

“වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි පැනලා යන්න හැදුවා වෙඩිතිබ්බා කියලා.”

colombotoday