Colombo Today Local News

විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම්


ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.

එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

සෙසු අංශවල විදුලි ගාස්තු අඩුවන ප්‍රතිශත පහත පරිදි වේ.

හෝටල් ක්ෂේත්‍රයේ – 31%කින්

වාණිජ අංශයේ – 12%කින්

රාජ්‍ය අංශයේ – 11%කින්

කර්මාන්ත අංශයේ – 30%කින්

ආගමික හා පුණ්‍ය ආයතනවල – 21%කින්

වීදි ලාම්පු – 11%කින්

මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

Related posts

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

colombotoday

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසේ

colombotoday

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday

හෙට රට පුරා සත්වෝද්‍යානවලට ඇතුළුවීම නොමිලේ… විස්කෝතු – අයිස්ක්‍රීම් දරුවන්ට නොමිලේ

colombotoday