Colombo Today Local News

මා ඇරඹූ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැන සතුටුයි

තමා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඉන්දියානු තෙල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධ ආයෝජනයක් ලෙස ආරම්භ කළ Trinco Petroleum Terminal Ltd ව්‍යාපෘතිය වර්තමාන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම පිළිබඳ සතුටු වන පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

මෙම ව්‍යාපෘතිය එදා තමන් ක්‍රියාත්මක කරන අවස්ථාවේ ජාතික ජන බලවේගය ඊට විරුද්ධ වූ බවත් දැන් එම පක්ෂය බලයට පත්ව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එය ඉදිරියට ගෙන යන බව සඳහන් කරන බවත් ඔහු පෙන්වා දෙයි.

“ඒ වන විට තිරිකුණාමල තෙල් ටැංකි 99යම ඉන්දියාවට බදු දීලා තිබුණේ. ඊට පස්සේ අපි එළඹුණු අලුත් ගිවිසුම අනුව ඉන්දියාවට තව දුරටත් අයිති තෙල් ටැංකි 14ක් විතරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒ අතරින් 35ක් සංවර්ධනය කරන්න සැලසුම් කළා. ඉතිරි ටැංකි 50 ඉන්දියානු තෙල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කරන්න වැඩ කළා. මම අමාත්‍යංශය භාර ගන්න කොට මේ සියලු තෙල් ටැංකි අයිති ඉන්දියාවට.”

Related posts

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පි‍ල නම් කෙරේ… නායකත්වය දිමුත්ට

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පාලනයට නව සමාගමක්

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday

රාජ්‍ය මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය වහයි

colombotoday

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

colombotoday

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday