Colombo Today Local News

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණය මාර්තු අග හෝ අප්‍රේල් මස මුල පැවැත්වෙනු ඇතැයි දැනට තිබෙන තොරතුරු අනුව පැවසිය හැකි බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජාතික ජන බලවේගයට විශේෂයෙන් ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසූ ඔහු රජය කර ඇති යහපත් වැඩ නිසා කොහොමත් යග්‍රහණය ලැබෙනු ඇති බවද හෙතෙම කියා සිටී.මහනුවරදී ම මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

“පළාත් පාලන ඡන්දය මාර්තු අග – අප්‍රේල් මුල වගේ එනවා කියන එක තමයි දැනට ආරංචිමාර්ග තොරතුරු තියෙන්නෙ. ඒවා නිසි කලට තියන්නත් ඕනෙ, මොකද අධිකරණ තීන්දුවකුත් තියෙනවා පළාත් පාලන ඡන්දය ඉක්මනින් ඉඩක් ලැබුණු වහාම තියන්න කියලා.ඉතින් පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන අපි අමුතුවෙන්ම කියලා ප්‍රචාරක වැඩක් හෝ දේශපාලන වැඩසටහනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපේ රජය කරගෙන යන යහපත් වැඩත් එක්ක පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා”

Related posts

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

colombotoday

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

එක්නැලිගොඩ නඩුවට සහය නොදෙනවානම් යුද හමුදාපතිටත් නඩු!

colombotoday

කැළණි ඟග පිටාර ගැලීම ඇරඹෙයි.. හැකි ඉක්මනින් ඉවත්වන්න

colombotoday