Colombo Today Local News

ඇප ලැබුණු පොඩි ලැසී ඉන්දියාවෙන් මතුවෙයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

පොලීසිය සඳහන් කළේ පොඩි ලැසීට ඇප නියම කෙරුණ ද ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවය.

අදාළ ඇප කොන්දේසි උල්ලංගණය කරමින් සැකකරු නීතිවිරෝධී අයුරින් රටින් පැන ගොස් තිබූ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවය.

Related posts

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday

බොරු ප්‍රචාර හෝ අනිසි පරීක්ෂණ වලින් මාව බිය ගැන්වීම සිහිනයක් පමණි – ගෝඨාභය

colombotoday

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ සේවාව ලංකාවට එයි !

colombotoday

මැදින් පොහොය දිනය අදයි

colombotoday

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

colombotoday