Colombo Today Local News

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

මහරගම නගරයේ අස්ථානගත වූ යතුරු පැදියක් භාවිතා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයක්.

සුපිරි වෙළඳ සැලක් ඉදිරිපිටමීට මාස තුනකට පමණ පෙර මහරගම නවතා තිබු යතුරුපැදියක් අස්ථානගත වී තිබූ අතර ඒ පිළිබඳව මහරගම පොලීසියේ පැමිණිල්ලක් කර තිබේ.

ඒ පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදුකරමින් සිටියදී අස්ථාන ගත වූ යතුරු පැදිය කොහුවල ප්‍රදේශයේ දී පුද්ගලයකු පැද යනු පැමිණිලිකරු දැක ඒ පිළිබඳව මහරගම පොලීසියට කළ දැනුම් දීමක් අනුව මහරගම පොලීසියේ නිලධාරීන් කොහුවල පොලීසියට ඒ බව දන්වා ක්ෂණිකව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

colombotoday

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

colombotoday

“ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අදයි

colombotoday

දූෂිතයන් වටේ තියාගෙන ඉන්න සජිත් දූෂිතයන්ට ඇමැතිකම් දෙන්නෙ නෑ කීවට වැඩක්‌ නෑ

colombotoday

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday