Colombo Today Local News

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

කොවිඩ් තත්ත්වයෙන් ආරක්ෂා වීම සදහා බන්ධනාගාර රැඳවියන් ට තෙවන මාත්‍රාව වශයෙන් බූස්ටර් එන්නත ලබා දීම් අද (29)දින සිට ආරම්භ කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය කියයි.

කොවිඩ් මර්දන එන්නතේ පළමු, දෙවන මාත්‍රා දෙකම රැඳවියන්ට ලබා දී අවසන් බවත්, මෙම මාත්‍රා දෙකම ලබාගත් අයට බූස්ටර් එන්නත් ලබා දීම සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම එන්නත් ක්‍රියාවලියේ තෙවන මාත්‍රාව වන ෆයසිර් එන්නත රැඳවියන් 18453 දෙනෙක් වෙත එන්නත් කිරීමට ආරම්භ කර ඇති බවත්, එහි පළමු අධියර වශයෙන් කොළඹ දිස්ත්‍රිකයට අයත් වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, වටරැක, මහර, මීගමුව යන බන්ධනාගාර වල පිරිස වෙත අද (29) සිට ආරම්භ කළ බවද ඒකනායක මහතා සදහන් කරයි.

ඉදිරි දිනවල දී අනෙකුත් බන්ධනාගාරවල රැඳවියන්ට ද එන්නත ලබා දීමට බලා පොරොත්තු වන බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ජනපති – අගමැති ගැටුමෙන් මහබැංකුව සෙලවේ.. ආර්ථිකය තවත් අවුලට

colombotoday

වසන්ත ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. වඩිවෙල් සුරේෂ් නැවතත් එජාපයට

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin

පෙට්‍රල් නැව අද දිවයිනට

colombotoday