Colombo Today Local News

පෙට්‍රල් නැව අද දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (23) අලුයම මෙරටට ළඟා වීමට නියමිතව තිබුණ ද එම නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මෙම නෞකාව අද (24)දින මෙරටට ළඟා වීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ හේතුවෙන් ඊයේ සේම අද දින ද සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් රට පුරා බෙදා හැරීමට සිදුවන බව ඇමතිවරයා පවසයි.

එසේ ම ඔටෝ ඩීසල් උපරිම ධාරිතාවකින් බෙදා හැරීමට කටයුතු යොදා ඇති නමුත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කිරීමට සිදුව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

Admin

අන්තර්ජාලය හරහා වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් කාත්තන්කුඩිදී TID අත්අඩංගුවට

colombotoday