Colombo Today Local News

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ඒ, අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේදීය.

තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයින් සමග මෙරටට පැමිණෙන බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා එහිදී සඳහන් කර තිබේ.

රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායකතුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කරනු ලැබුවේය.

Related posts

ඒකාබද්ධ විපක්ෂය ‘දෙවැනි සටන‘ ට සැරසෙයි !

colombotoday

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

කෝච්චි නෑ.. සාමාන්‍ය පෙළ සිසුන්, රාජ්‍ය-පෞද්ගලික සේවකයන් අනාථයි !

colombotoday

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin