Colombo Today Local News

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් සිදුකරන ලද විමර්ශනවලට අනුව හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව හඳුනාගෙන ඇති පොලිසියේ 37 දෙනකු සේවයෙන් ඉවත් කිරීම හා පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තීරණය කර තිබේ.

මෙම 37 දෙනා අතරින් 28 දෙනකුම කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට හා විවිධ ඒකකවලට අනුයුක්තව රාජකාරියේ නිරත අය බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සියලුම පොලිස් ස්ථාන හා පළාත තුළ ස්ථාපිත ඒකකවල ස්ථානාධිපතිවරුන් විසින් කරන ලද විමර්ශන හා ඔවුන් වෙත ලැබී ඇති තොරතුරු මත පදනම්ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන්ගේ නම් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පසුගියදා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත භාර දී තිබිණි. ඔවුන්ට එල්ල වන මෙම චෝදනා විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණවලට අනුව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇත.

Related posts

බදුරලියේත් වෙඩි තැබීමක්

Admin

අලුත් පොලිස්පතිවරයෙක් ගැන තවම තීරණයක් නෑ

Admin

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැ

colombotoday