දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත්(10)දින තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබේ.
සිය අස්වනු අලෙවි කිරීම සඳහා ඊයේ(09)දින විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත ගොවීන් රැසක් පැමිණ සිටියේ ය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් සඳහන් කළේ, දින 02කට වරක් ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග සිය අස්වනුවලට නිසි මිලක් නොලැබෙන බවය.