Uncategorized

මැදපෙරදිග ශ්‍රමිකයින් යොදා ගනිමින් කළ රන් බිස්කට් ජාවාරම

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට ගෙන ඒම වළක්වාලීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

මැදපෙරදිග රැකියාවල නිරත ශ්‍රමිකයින් යොදා ගනිමින් මෑතක සිට මෙම ජාවාරම සිදුවන බව වාර්තා වේ.

ජාවාරම්කරුවන් විසින් විදෙස්ගත ශ්‍රමිකයින් සතු මුදල් බැංකු මාර්ගයෙන් මෙරටට එවීම වෙනුවට ඔවුන් සතුව ඇති මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් රන් බිස්කට් ලබාදී ඒවා දිවයිනට රැගෙන ඒමෙන් පසු මිලදී ගැනීම සිදුකරන බව සඳහන්ය.

පසුගිය මාසයක පමණ කාලයක සිට සෑම දිනකම විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සතුව තිබී රන් බිස්කට් හමුවූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය සතිය තුළ පමණක් එලෙස රැගෙන ආ ග්‍රෑම් 100 රන් බිස්කට් 6ක්, ග්‍රෑම් 50 රන් බිස්කට් 3ක් සහ ග්‍රෑම් 30 රන් බිස්කට් 40ක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

ඊට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් විශාල වටිනාකමකින් යුත් රන් ආභරණ ද සකස් කොට ඒවා ශ්‍රමිකයින්ට පලඳවා මෙරටට එවීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව වාර්තා වී තිබේ.

මෙම ජාවාරම හේතුවෙන් මෙරට බැංකු වෙත විදෙස් මුදල් පැමිණීම සීමාවන අතර එමගින් මෙරට විදේශ සංචිත ප්‍රමාණය ද අඩු වීමේ අවදානමක් මතුවී තිබේ.

Related posts

විදෙස් ණය වල පොලී ගෙවන්න වසරේ මුළු රාජ්‍ය ආදායමත් මදි…

colombotoday

සිසුන් දෙපිරිසක් ගැටී තුනක් රෝහලේ…

colombotoday

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

අපේක්ෂකයන් 8 දෙනෙකු ජනපති සටනට ඇප තියයි !

colombotoday

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති

colombotoday

MCC ගිවිසුම අකුලා ගත්තේ නෑ… ජනපතිවරණයෙන් පසු ක්‍රියාත්මක කරනවා !

colombotoday