Covid 19

කොළඹින් ගිය පිරිසක් ගාල්ලේදී කොවිඩ් එන්නත් විදගෙන

ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසකට ඊයේ (7)දින ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 75 දෙනකුට පමණ මෙලෙස එන්නත ලබාදී තිබේ.

එම ස්ථානයේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන 50 ක් පමණ තිබී ඇත. පළාත් අතර සංචරණය තහනම් කර ඇති තත්ත්වයක් යටතේ මෙම වාහන ගාල්ලට ගොස් ඇති බවද අනාවරණය වෙයි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න ප්‍රකාශ කළ බව පවසමින් පසුගියදා මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ දිවයිනේ ඕනෑම පුද්ගලයකුට එන්නත් ලබාදෙන බවයි. කෙසේ වෙතත් ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලබාදුන් ලක්ෂ හයකට දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ එන්නත් හිඟය හේතුවෙනි.

Related posts

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday

මහරගම පොලීසියටත් කොරෝනා රිංගයි – නිලධාරීන් 12කට ආසාදිතයි. 15ක් නිරෝධායනයට

colombotoday

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

තවත් කොවිඩ් මරණ 28ක්

colombotoday