Colombo Today Local News

කොවිඩ් ආසාදිත අසාද්‍ය රෝගීන්ට ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 1,000 ක් ආනයනයට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොවිඩ් ආසාදිත අසාද්‍ය රෝගීන්ට ලබා දීමට ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 1,000 ක් මෙරටට ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, කඩිනමින් ඒවා දිවයිනට ගෙන්වා ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාශය වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉල්ලීමක් කළ බවය.

ඒ අනුව ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර 1,000 ක් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පුරුව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර තිබේ.

ඒ සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් මිලියන 300 කි.

මේ අතර ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් යන්ත්‍ර 2000ක් ඇතුළු තවත් සෞඛ්‍ය උපකරණ කිහිපයක් ආනයනය කිරීමට ද අවධානය යොමු වී තිබේ.

එම යන්ත්‍ර කොවිඩ් ආසාදිතව දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන, පෙනහළුවලට අබාධ වී නොමැති රෝගීන් සඳහා ලබා දෙනු ඇති.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 02ක් පමණ වන බවය.

ඒ අනුව, අදාල යන්ත්‍ර 2,000 ක් ඉදිරි සති කිහිපයක තුළ දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කෙරෝනා ආසාදනය වී මේ වනවිට රෝහල් ගතකර සිටින රෝගීන්ගෙන් සියයට 17% කට ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිට දිවයින පුරා කොරෝනා ආසාදිත රෝගීන් 75 දෙනෙකු පමණ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවය.

Related posts

ඇමති විමල් ට එරෙහි නඩුවක් ජූලි 17ට කල් යයි

colombotoday

පුද්ගලයකුට පහර දීම : මාළු අමුවෙන් කෑ දිලිප් වේද ආරච්චිගේ පුත්‍රයා අත්අඩංගුවට.

colombotoday

‘‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’’ කැබිනට් ඇමැතිවරයකු මැදිහත්ව කෙරෙන ප්‍රචාරය සාවද්‍යයි.. WHO කලබල වෙයි

colombotoday

වැටුප්, වාහන, දීමනා එපා… රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා – ඉරාජ් ජනපතිට දන්වයි

colombotoday

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

colombotoday

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday