Colombo Today Local News

දිවුරුම් දී පැයකින් පොහොට්ටුවේ චානක කැලේ එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක තමන්ට ඊයේ (8)දින ලැබුණු වනජීවි හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය ඇමැති ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැති ධුරයේ දිවුරුම් දී පැයක වැනි කාලයකදී මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව ඩී. වී. චානක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධද ජනාධිපතිවරයා ඉදිරිපිට (8දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකර මහතාය.

Related posts

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin

ඇමරිකාව මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වෙයි… තානාපතිනිය සී.අයි.ඒ ලොක්කෙකු සමග හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරයි

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

Admin

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

colombotoday