Colombo Today Local News

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බවත් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරන්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් විසින් 2024 දෙසැම්බර් 16 වැනි දින නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු – ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායි කර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයකි.

එමෙන්ම කලාපීය බල ශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා) (Economic and Technical Cooperation Agreement) සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරමි.

Related posts

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

බොදු බල සේනාව ISIS සමග සම්බන්ධ බවට සැකයක් මතුව තිබෙනවා – උලමාගෙන් ඉළ ඇදෙන කතාවක්

colombotoday

ඉන්ධන සහනාධාර ලැබෙන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

colombotoday