Colombo Today Local News

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ටොන් 750ක් ගෙන්වීමට පියවර

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔක්සිජන් වැඩි වශයෙන් අවශ්‍ය බැවින් ඔක්සිජන් ටොන් 750 ක් ආරක්ෂිත තොගයක් ලෙස ගබඩා කර තබා ගැනීමට ඖෂධ නියාමන හා සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රෝහල්වලට ඔක්සිජන් සපයන සමාගම් දෙකේ ගබඩාවල මෙම සංචිතය පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත. මෙම සමාගම් දෛනිකව ටොන් 67 ක ඔක්සිජන් නිෂ්පාදනය කරන අතර එම ප්‍රමාණයම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වලට බෙදා දෙයි.

පවතින හදිසි තත්ත්වය හමුවේ ඉන්දියාවෙන් හා මැලේසියාවෙන් ඔක්සිජන් ටොන් 120 ක් කඩිනමින් ගෙන්වීමට පියවර ගෙන තිබේ.

එලෙස රැගෙන එන ඔක්සිජන් මෙරට ඔක්සිජන් නිෂ්පාදිත සමාගම්වල ගබඩාවල තැන්පත් කර යළි නැවත වරක් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.

කර්මාන්තශාලා සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇත. දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වලද ටොන් 30 ක පමණ ඔක්සිජන් ගබඩා කර ඇත.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10දෙනාට එරෙහිව නීතිපති විශේෂ මහාධිකරණයේ නඩු පවරයි

colombotoday

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

Admin

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවයි..

colombotoday

රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්ති

Admin