Covid 19

මංගල උත්සවයකට ගිය 19කට කොරෝනා

ගාල්ල, මකුළුව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් 19 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම මංගල උත්සවයට සහභාගි වු පුද්ගලයින් 21 දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කර ඇත.

ඔවුන් පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව ඉන් 19 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

බෝපේ පොද්දල සෞඛ්‍ය බලප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වුවන් 160 දෙනෙකු නිවෙස්වල සිටින බවද බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

සෞඛ්‍ය රීති උල්ලංඝණය කරමින් මංගල උත්සව, ආගමික උත්සව සහ මහජන ඒකරාශීවිම් මෙම සමයේදී බහුලව සංවිධාන කිරීම ගැටළුකාරී තත්ත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හමුවේ මංගල උත්සව, ආගමික උත්සව සහ මහජන ඒකරාශිවීම් තාවකාලිකව අත්හිටුවිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

Related posts

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකත් ආසාදිතයින් 400ක්

colombotoday

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත මරණ 03ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක – GMOA අනතුරු අඟවයි

colombotoday