World

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරිය සුඑල්ලා බ්‍රේවර්මන් ධම්මපදයට අත තබා දිවුරුම් දෙයි

අමෙරිකානු උප ජනපතිනිය ලෙසින් කමලා හැරිස් පත්වීමත් සමග ධවල මන්දිරය ද වෙසක් පොහෝ දින ඒකාලෝක විය.

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට ද ඉන්දියානු සම්භවයක් ඇති සුඑල්ලා බ්‍රේවර්මන්, ට්‍රස් අගමැතිනිය විසින් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙසින් පත්කරනු ලැබීමත් සමග ම මෙම ධම්මපදය කතාව ආවේ ය.

සුඑල්ලා ස්වදේශ කටයුතු ලේකම් ලෙස දිවුරුම් දී ඇත්තේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයට අත තබා ය.

ඊට හේතුව ඇය බෞද්ධ කාන්තාවක වීම ය.

අධිනීතිඥවරියක වන සුඑල්ලා හතළිස් දෙහැවිරිදි දෙ‍දරු මවකි.

ඇයට පෙර ඒ ධූරය දැරුවේ ද ප්‍රීති පටෙල් නම් ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලනඥවරිය ය. සුඑල්ලාගේ මව උමාද, හින්දු ආගමික දමිළ ජාතික කාන්තාවකි.

බෞද්ධ කාන්තාවක වූ සුඑල්ලා නිතර ම ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට යන්නී ය.

Related posts

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

colombotoday

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ගිලී 30කට වැඩි පිරිසක් අතුරුදන්

Admin

තායිවානයේ භූ කම්පන වැලක්

Admin