Colombo Today Local News

නීල් ආම්ස්ට්‍රෝනුත් දුටු ගැමුණුට සමාන වීරයෙක් කරන විදිහේ අධ්‍යාපන ක්‍රමයක් අපි හදමින් සිටිනවා – ONUR

ONURජාති, ආගම්, සංස්කෘතික වශයෙන් ජනතාවගේ ඇවතුම් පැවතුම්වල ඇති වෙනස්කම්වල දුර්වල වෙනස්කම් ඉවත් කර , ශක්තිමත් වෙනස්කම් එකතු කර රටතුළ ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැගීම තම කාර්යාලයේ ප්‍රමුඛතම කාර්යය බව ‘ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ’ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රසේන මාලියෑද්ද මහතා පවසයි.

ජනවාරි 8 දේශපාලන පෙරළියෙන් පසු අගමැතිවරයාගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් පිහිට වූ මෙම කාර්යාලයේ සභාපතීත්වය දරන්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි.

මේ වන විටත් එම කාර්යාලය මගින් ජාතික සමගිය හා සංහිදියාව සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරමින් සිටින බවත්, පසුගිය කාලය පුරා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන හා නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගත් බවත්, සංස්කෘතික අමාත්‍යාංශය හා ඊට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ සිවිල් සංවිධාන සහ විවිධ මට්ටමේ පුද්ගලයන් සමග සාකච්ඡාකර ඒ සදහා අවශ්‍ය තොරතුරු රැස් කළ බවත් එම තොරතුරු පදනම් කරගෙන නිර්මානය වන එම ජාතික ප්‍රතිපත්තිය ඉදිරියේදී රජයට බාරදීමට කටයුතු කරන බවද චන්ද්‍රසේන මහතා පවසයි.

දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි.

“අපේ ඉතිහාසය තුළ වීරයන් හදා තිබෙනවා. වීරයෙක්‌ හදන කොට හතුරෙක්‌ හැදෙනවානෙ. මේ හතුරන් ලෙස ඉතිහාසය හඳුන්වලා තියෙන්නෙ සොලීවරු, ඉන්දියනුවෝ, බටහිර ජාතීන් වැනි උදවියයි. මේ විදිහට ඉතිහාසයේ අපි ඉගෙන ගන්නේ සිංහල වීරයෝ ගැන විතරයි. ඒක අපේ ජීවිත කාලයටම බලපානවා. ඒ නිසා තමයි අද අපි කාගෙන් හරි ඇහුවොත් වීරයෙක්‌ ගැන දුටුගැමුණු කියල කියනවා. නමුත් අපි කව්රුවත් දුටුගැමුණු රජතුමා හෝ එතුමාගේ ක්‍රියාවන් දැකලා නෑ. නීල් ආම්ස්‌ට්‍රොන් මෑත ඉතිහාසයේදී හඳට ගියා. නමුත් ඔහු වීරයෙක්‌ හැටියට අප දකින්නෙ නෑ.

අපේ අධ්‍යාපනය තුළ සිදුවන්නේ අප හැමදාම අතීත විරුවන් තුළ ජීවත් කරවීමයි. මේ නිසා තමයි අද ඇතැම් අය තමන් දුටුගැමුණු වගේ, තමන් දුටුගැමුණු පරපුරේ යනාදී වශයෙන් හඳුන්වා ගන්නෙ. ඒ අතීත වීරත්වයන් සෞභාග්‍ය එසේ තිබියදී අප ඉදිරිය ජය ගත්තේ කෙසේ දැයි බැලිය යුතුයි. සිංගප්පූරුව අතීතයේ ජීවත් වෙන්නෙ නෑ. ඔවුන් වෙනස්‌ වන සමාජයත් සමඟ ඉදිරියට ගියා. මේ අධ්‍යාපන ක්‍රමය තුළ අපිට ඉදිරියට යැමට නම් අධ්‍යාපන විෂය මාලාව තුළ යම් යම් වෙනසක්‌ ඇති කරන්න ඕනේ. මේ අනුව ජාතික සමගිය හා සංහිඳියාව පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කරන්න අපි අදාළ අංශ සමඟ සාකච්ඡා කරගෙන යනවා.”

අපේ රටේ ආගමික හා සංස්‌කෘතික උත්සව ඒ ඒ ජාතීන් වෙන් වෙන්ව සමරනවා. ක්‍රිස්‌තියානි ආගම අදහන අය මේ මාසේ නත්තල් උත්සවය සමරනවා. අපේ රටේ අනෙක්‌ ආගම්වල අය ඒ වෙනුවෙන් ලැබෙන රජයේ නිවාඩුව බුක්‌ති විඳිමින් ඇතැම් විට ඒ උත්සව විවේචනය කරනවා. මේ නිසා අපි උත්සාහ කරනවා ඒ ඒ ජාතික ආගමික සංස්‌කෘතික උත්සව අපි හැමෝටම එකතු වෙලා සමරන්න පුළුවන් විදියේ ජාතික උත්සව බවට පත් කරන්න. ලබන ජනවාරියේදී පැවැත්වීමට නියමිත තෛපොන්ගල් උත්සවය විවිධ ජාතීන්ට ආගම්වලට අයත් සියලු දෙනාම එකතු කරගෙන කොළඹදී ජාතික උත්සවය පවත්වන්නත් පළාත් මට්‌ටමේදී පළාතේ සියලු දෙනා එකතු කරගෙන පළාත් උත්සව පවත්වන්නත් කටයුතු කරගෙන යනවා.”

ජාතික සංහිදියාව ගොඩනැගීම පදනම්කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන්ද තම කාර්යාලය සදහා මුදල් වෙන් කර තිබෙන බවද විදේශ රටවල විවිධ ආයතන හරහාද ඒ සදහා ආධාර ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින් බවත් චන්ද්‍රසේන මාලියැද්ද මහතා පවසයි.

 

Related posts

බැදුම්කර ගනුදෙනුව ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

පෞද්ගලික බස් රථ වර්ජනයක්

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

colombotoday

ප්‍රවාහන ඇමතිගේ බිරිද, තානාපති කාර්යාල දෙකක් ඇතුළු NGO හිලෑ ඇතුන් නැති කරලා දාන්න වැඩ – හිලෑ ඇතුන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday