Colombo Today Local News

“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවෝ ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග ප්‍රකාශ කළේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.

ඔහු මෙසේ ද කීවේය.

‘‘පවතින ආර්ථික තත්ත්වයන් මත සමාජ අර්බුද උග්‍ර වෙමින් පවතිනවා. මේ අර්බුද සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතුයි. එක් අතකින් කුඩු ජාවාරම බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ ජාවාරම මර්දනය සඳහා ආණ්ඩුව ශක්තිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බවක් පේන්නෙ නැහැ. ඒ වගේම හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවො ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් අප සමග පවසනවා. මේ රට කොහාට ද යන්නේ. එක් පැත්තකින් සිංහල බෞද්ධ රටක්. අනෙක් පැත්තෙන් සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රටක්. මේ ආකාරයට ගියොත් ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් පමණක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි. ආදායම් විෂමතාව අවම කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක් අපිට ඇහෙන්නෙ නැහැ. එසේ නොකළොත් තවත් අර්බුදය ඔඩු දුවයි. ඒ තුළ ඇති වන සමාජ අර්බුදයන් බරපතළයි.’’

Related posts

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin

දුමින්ද ශ්‍රීලනිප ජාතික සංවිධායක තනතුරක් ඉවතට

colombotoday

උත්තර පත්‍ර පරීක්ෂක අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ග ගත ක්‍රමයට

colombotoday