Colombo Today Local News

ලක්ෂ 90ක් වැය කර මැතිසබේ වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට චමින්දගේ විරෝධය

මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වැය කර වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට සූදානම් වන බවත් ඒ අපරාධයට ඉඩ නොතබන්නැයි තමා ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (20)දින පැවසීය.

තමා ඒ තීරණයට විරුද්ධ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.

ඒ තීරණය ගත් පක්ෂ නායක රැස්වීමට තමාද සහභාගී වූ බවත් එදා කතා නොකළේ මෙතන පැමිණ ඒ ගැන කීමට අවශ්‍ය වූ නිසා බවත් චමින්ද විජේසිරි මහතා පැවසීය.

මේ අවස්ථාවේදී එපමණ මුදලක් වැය කිරීම අසාධාරණ බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday

සිර දඩුවම් විදින සැකකරුවකු මගදී මාලයක් කඩා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේදී පනී

Admin

“එල් බෝඩ්” ගහගෙන යන ජනාධිපතිවරයකුගේ පාලනය යටතේ ආණ්ඩුවම “ගොංපාට්” එකක් වෙලා

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin