World

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

චීනය සිදුකරන ඕනෑම ආක්‍රමණයක් හමුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටින බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ, චීනය යම් හෙයකින් තායිවානය ආක්‍රමණය කිරිමට කටයුතු කළ හොත් අමෙරිකාව ඊට මැදිහත් වන බවය.

විදෙස් නාළිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ බව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසු චීනය විසින් තායිවානයට එරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය.

කෙසේවෙතත් චීන බලපෑම් හමුවේ නොසැලී සිටිමට තායිවානය වෙත අමෙරිකාව සහය ලබාදෙන බව එරට ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ලෝක බාලදක්ෂ ජම්බෝරිය අවලංගු කෙරේ…

Admin

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝග

Admin

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

colombotoday

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday

මැති, ඇමැති, නිලධාරී සියලු දෙනාගේ හෙළුව එලියට | ඔත්තු බලන පෙගාසස් මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇතුළේ

colombotoday