Colombo Today Local News

‘සංහිදියාවේ නාළිකාව‘ ජනවාරියේ උතුරෙන් වැඩ අරඹයි !

sanhindiya23232

ජාතීන් අතර සංහිඳියාව ඇතිකරවීම පහසු කිරීම සඳහා රජය ලබන ජනවාරි මාසයේ සිට සංහිඳියාවේ නාළිකාව ලෙස රූපවාහිනී නාළිකාවක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

එය ජාතික රූපවාහිනියේ තෙවැනි නාළිකාව ලෙස පවත්වාගෙන යන බව අයවැය කාරක සභා අවස්ථාව යටතේ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා, ආපදා කළමනකරණ අමාත්‍යාංශවලවැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ඊයේ (01) පාර්ලිමේන්තුවේදී හෙතෙම කියා සිටියේය.

අදාළ නාළිකාව උතුරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති අතර, එය උතුර දකුණ යාකරන නාළිකාවක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය.

එමෙන්ම සංහිඳියාව කරා යනගමනේදී වෛරී ප්‍රකාශන වැළැක්වීම පිළිබඳ නීතියක් තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් නව නීති ගෙනඒමට නොහැකි නම් තිබෙන නීති බලාත්මක කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Related posts

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

colombotoday

ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ. – නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සිදුකල වංචා සහ දුෂණ

colombotoday

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරලා

colombotoday